පායා එන හිරු අඳුරේ තියා දින | ගතවෙනවා |
කොයි කොයි මලත් සුවඳට තිබුණත් | පරවෙනවා |
දිලුනත් කොතරම් සඳ දිනයක අඳුරේ | ගිලෙනවා |
හමුවෙන අය වෙන් වන ලෝ දම | පවතිනවා |
සයුරත් පරදා රළ වෙරළ සොයා | ඇදෙනවා |
පරවෙන මල් මත තව මල් පිපි | දිලෙනවා |
කැරකෙන මේ ලොව ලෝදම් | පවතිනවා |
වෙන් වු අය මතු දිනයක | හමුවෙනවා |
පද සංකල්පනාව : පියුමි...
මෘදුකාංගය ඔබේම කරගන්න :
ස්පේස් බාර් ඒකත් එක්ක හැප්පි හැප්පි ටෙක්ස්ට් එලයින් කරනවට වඩා මේක පට්ට ලෙසිනේ..
ReplyDeleteබ්ලොග් වල කවි ලියන අයට වටින අයිටම්ස් එක. ජය!
ටැන්කූ ටැන්කූ... අවශ්‍ය වෙලාවක ඇවිත් යන්ට එන්න... අඩුපාඩු ඇත්නම් කියන්ටකෝ... ඔබට ජය ...
ReplyDeleteමරු මරු ඔන්න මාත් බා ගන්නො..
ReplyDeleteබා ගන්ටෝ... දා ගන්ටෝ...
Deleteබොහොම ස්තූතියි මේ පැත්තෙත් ඇවිත් ගියාට... ආයෙමත් එන්ටකෝ...
අලුත් මල්ලි, මම නම් කවි ලියන්නේවත් නෑ. නමුත් මේ ගැජමැටික් එකේ තියෙන වටිනාකම මට තේරෙනවා. ඒක නිසා මම ඩව්න්ලෝඩ් කරගත්තා. මේක මහන්සියෙන් හදලා අපිට මෙහෙම බාගන්න දුන්නට උමට බොහෝමත්ම ස්තුතියි අලුත් මල්ලි.
ReplyDeleteකවිම නැතත් ලැයිස්තුවක් හදන්නත් මේක පාවිච්චි කරන්න පුලුවන් වෙයි කියලා මට හිතුනා.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ටැන්කූ ටැන්කූ මේ පැත්තටත් ඇවිත් ගියාට... ඇවිත් මාව දිරිමත් කරන එක ලොකු හයියක් මට... ආයෙමත් එන්නකෝ... ජය වේවා...
Deleteමට මේක ඩවුන්ලෝඩ් කරගන්න තේරෙන්නැහැ නොවැ.
ReplyDeleteනිකම්ම ඩවුන්ලෝඩ් වෙනවනේ වර්ෂෝ?? Download උඩ ක්ලික් කරලා ලැබෙන mediafire සයිට් එකේ මැද තියෙන Download කියන කොලපාට බොත්තම ඔබන්න. එතකොට සේව් කරන්න තැනක් එනවානේ. ආයෙත් බලන්න, ආයෙත් බලන්න හොදට...
Deleteබොහොම ස්තූතියි මේ පැත්තේ ආවට... ආයෙත් එන්ටකෝ...
අර කේතයක් ගැන කියලා තියෙන්නෙ...ඒ මක්කැයි?
Deleteමෙහෙමනේ වර්ෂෝ...
Deleteබ්ලොග් පෝස්ට් එකක් ලියනකොට ඒකේ උඩම තියෙනවනේ compose කියලයි HTML කියලයි බොත්තම් දෙකක්... අපි පෝස්ට් ලියන්නේ compose බොත්තම ඔබලානේ... අමුතුවෙන් නොකලත් ඒක තමා තේරිලා තියෙන්නේ... අන්න ඒකේ HTML කියන බොත්තම එබුවොත් ලැබෙන්නේ අපි ලියන පෝස්ට් එකේ HTML කේතය... ඕනම වෙබ් පිටුවක් හැදිලා තියෙන්නේ HTML කේත වලින්... Firefox වලදි නම් Tools > Web developer > Page source ගියාම දැනට විවෘත වෙලා තියෙන පිටුවේ HTML කේතය බලාගන්න පුළුවන්... මේකෙන් ලැබෙන්නෙත් ඔයාගේ කවියට අදාල HTML කේතය... හරියටම කිව්වොත් කවිය පොඩි වගුවකට දාලා වගුවේ ඉරි හංගලයි තියෙන්නේ... එතකොට කවිය වගුව ඇතුළේ හිරවෙලා තියෙනවා මිසක් එහෙට මෙහෙට දුවන්නේ නෑ... ඉතින් මේකෙන් ගන්න HTML කේතය පෝස්ට් එකට ඇතුළත් කරද්දි ඇතුළත් කරන්නත් ඕන උඩ තියෙන HTML කියන බොත්තම ඔබලා ඊට පස්සේ... පස්සේ ආයෙම compose බොත්තම එබුවම කවිය ලස්සණට පේන්න තියෙනවා...
තිබුන ගැටළුව නිරාකරණය වුනාද අළුත් ගැටළු ඇති වුනාද දන්නේ නෑ මේ පැහැදිලි කිරීම කියවලා... එහෙම වුනා නම් අළුතින් ආපු ගැටළු ටිකත් අහන්න යාළු...
මේ දවස්වල බ්ලොග් ලියන්න එන්න වෙනවා අඩුයි... ඒ නිසා මගේ දායකත්වයක් නැතත් මේ පැත්තේ ඇවිත් යන එක ගැන ඔබට අනේකවාරයක් ස්තූති වෙන්න ඕන...
අලුත් දෙයක්! සුබ පැතුම්!!
ReplyDeleteබොහොම ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට... ආයෙමත් එන්න...
Deleteකවියේ මුල අග දෙපොලක එළිසමය තියෙන ඒවා හදන්නත් එකක් දාන්න.මේ වැඩේ ගොඩක් වටිනවා :)
ReplyDeleteමට කවි ගැන තියෙන දැනුම නම් අල්පයි.. ඒ නිසා ඔය කිව්ව කතාව නම් තේරුණ් නෑ මට.. පොඩි උදාහරණයක් එක්ක පැහැදිලි කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්.. එහෙම වුනොත් ඒකටත් උත්සහ කරලා බලන්න පුළුවන්...
Deleteබොහොම ස්තූතියි මේ පැත්තටත් ඇවිත් ගියාට... ආයෙමත් එන්න...
තු මු ළ .. බ ලැ ති .. ගිජිදු නිතර වන සක්මන් ......... ක ර නා
Deleteප ත ල .. ලො වැ ම .. කුංච නාද වනය තුලම ......... ස ර නා
නි ම ල .. දෙ යැ ස .. මායිම ලඟ නතර වෙමින්....... ක ර නා
ක ම ල .. සෙ යැ ති .. නිදහස අයදින යුරු බල ........ න ර නා
මේක මම හදපු එකක්.. ලොකු දැනීමක් නෑ.. ඒත් කවියෙ මුල අහ එළිස්මය තියනවා.. :)
අවුරුදු දෙකකට පස්සේ අද කියහන්කෝ මේක දැක්කේ!
Deleteමුල අග එලි සමය කියන්නේ ඔය සමී අයිය දාල තියෙනවා වගේ,
අගත් අකුරු සමාන ඒවා සෙට් වෙන, මුල හරියෙත් අකුරු සමාන විදියට සෙට් වෙන කවි.
(මුල- තුමුල පතල නිමල කමල
අග-කරනා සරනා කරනා නරනා)
එතකොට කවි පදයක ටයිප් බොක්ස් 3ක් එනවා, කවියට දොළහක්.
සමහර කවි පන්තිවල මුල මැද දෙකම තියෙන ඒවත් තියෙනවා, ඒ පන්තියේම සමහර ඒවගේ අග විතරයි සීන් එක තියෙන්නේ.
එතකොට වෙන්න ඕනේ කවිය ටයිප් කරන්න කලින් ඔය කොයි වර්ගෙද කියලා තෝරන්න ලැබෙන එකයි.
පටන් ගද්දි කවි පන්තියේ අග විතරක් සීන් එක තිබිලා, මැද කවියකට විතරක් ආයේ මුල මැද දෙකටම තියෙන්න ටයිප් බොක්ස් 3 ගානේ හදාගෙන, ඒ කවිය ඉවර උනාම ආයේ 2 ට බහින්න තියේ නම් වැඩේ මරු.
ඒ කියන්නේ 1 පියවර : ඔබේ කවිය ඇතුළත් කරන්න. කියන පියවරට කලින් එළිසමය තියන තැන් ගාන 2හෝ3 කියලා සිලෙක්ට් කරන පියවරක් ලැබෙන්න ඕනේ.(සමහර කවිවලට ඔයිට වඩා තියේ,4-5 වගෙත්)
මගක් ටයිප් කරලා ඊගාව කවියට විතරක් කලින් ගාන වෙනස් කරලා ගහලා ආයේ වෙනස් කරගන්න වුනත් පහසුකම් ලැබෙන්න ඕනේ..
ඔන්න ඕක තමයි වැඩි දියුණු කරනවා නම් මගේ යෝජනාව අලුත් මල්ලි මචං.. මේක එල වැඩක් මම මේක භාවිතා කලාම හැමදාම ලින්ක් ඒක දානවා.. හරිම වටිනා වැඩක්.
රත්තරන් වැඩක්... මට ලොකූ ප්‍රශ්නයක් වෙලා තිබුණෙ මේක.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි ඇවිත් ගියාට... කාට හරි උදව්වක් වුණානම් ඒ ගැන ඇත්තටම සතුටුයි... ආයෙමත් එන්න එහෙනම්... සුභ දිනක්..
Deleteඔන්න මම මගේ වගේ කීප දෙනෙකුටම මේක කිව්වා.. හොදේ..
ReplyDeleteඑළ! හොද වැඩක්. තවත් අළුත් වැඩ කරගන්න හැකියාව ඇතිවේවා!
ReplyDelete- ඉෂාන්ගේ සටහන්
හරිම සතුටුයි!! ජය!!
ReplyDeleteමේක හරිම වටිනවනේ. ඇවිද්ද පයේ සුදීක ගේ සටහනකින් මේ පැත්තට ආවේ. ගොඩාක් ස්තූතියි මේ වටිනා ටූල් එකට. හුඟාක් ප්‍රයෝජනවත්.
ReplyDeleteඑලම...
ReplyDelete